පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමයි (6-9)

- කොණ්ඞය කොටට කපා පැත්තට පීරියයුතුය.(පැත්තේ කොටස දිග අගල් 1 හමාරක්)හිස මුදුන කොටස කොණ්ඞය දිග අගල් 2 කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයේන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසලේ ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහල කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අගල් හතරකි.
- කළු මේස් හා කළු සපත්තු පැලදිය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අගල් 2කි..
පිරිමි ළමුන් (10-13)

- කොණ්ඞය කොටට කපා පැත්තට පීරියයුතුය.(පැත්තේ කොටස දිග අගල් 1 හමාරක්)
- හිස මුදුන කොටස කොණ්ඞය දිග අගල් 2 කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයේන් පෙනෙන සේ නොතිබිය යුතුය.
ගැහැණු ළමයි (6-13)

- කොණ්ඞය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිබිය යුතුය.
- පාසලේ ලාංඡනය ඇදුමේ සම් පසින් සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමනෙ පිහිටන සීමාව වේ.
- ගවුමවොටිය දණහිසේ පහල සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස් , සුදු සපත්තු පැලදීය යුතුය.
- කොණ්ඞය කන නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොණ්ඞය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඞි විය යුතුය.